Gossips

අද මැදියම් රැයේ බස් සංගමයක් වර්ජනයක

දුම්රිය සේවකයින්ගේ වැටුප් විෂමතාවය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කර තීරණයකට පැමිණෙන්නැයි දුම්රිය ගැටළු විසදීමට පත් කළ කමිටුවේ සභාපති, අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගමට ජනාධිපතිවරයා දැනුම් දී ඇතැයි දුම්රිය වෘත්තීය සමිති පවසනවා.
කෙසේ වෙතත්, එම සාකච්ඡා ද අසාර්ථක වුවහොත් ජනාධිපතිවරයා සහ මුදල් අමාත්‍යාංශ නිලධාරීන් සමඟ දුම්රිය වෘත්තීය සමිතිවලට සාකච්ඡාවක් ලබාදෙන බවයි අමාත්‍ය සරත් අමුණුගම දුම්රිය වෘත්තීය සමිති වෙත දැනුම් දී ඇත්තේ.
අදාළ තීරණය සම්බන්ධයෙන් අද (15) පෙරවරුවේ පැවැත්වෙන දුම්රිය වෘත්තීය සමිති විධායක කමිටු රැස්වීමෙන් අනතුරුව තීරණයක් ගන්නා බවයි දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.
මේ අතර, නව දඩ පත්‍රිකාවට විරෝධය පළ කරමින් සමස්ත ලංකා පෞද්ගලික බස් රථ සේවක සංගමය අද (15) මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයක් ආරම්භ කිරීමට නියමිතයි.
එම සංගමයේ බස්නාහිර පළාත් ප්‍රධාන සංවිධායක යූ.කේ.කුමාරරත්න රේණුක හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ නව දඩ පත්‍රිකාව තුළින් බස් රථ රියදුරන්ට දැඩි අසාධාරණයක් සිදුව ඇති බවයි.
කෙසේ වෙතත් ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළේ මෙම වර්ජනය සඳහා තම සංගමය සහය නොදක්වන බවයි.