Gossips

සිංගප්පූරු ගිවිසුම ගැන නොදන්නා දෙදෙනෙකු ගැන බන්දුල කියයි

ශ්‍රී ලංකා – සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම සම්බන්ධයෙන් වන ගැසට් පත්‍රය පිළිබඳව විපක්ෂ නායකවරයා හෝ විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා දැනුම්වත්වී නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රීී ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා.
ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකය කොළඹ අද (14) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.
මේ අතර, ජාතික නිදහස් පෙරමුණ අද (14) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වු එහි මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් කියා සිටියේ ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 55 දෙනෙකුට රුපියල් ලක්ෂ දෙක බැගින් ලබාදෙන දීමනාවෙන් පවුල් 11,000 කට සමෘද්ධි දීමනාව ලබාදිය හැකි බවයි.