Gossips

විදුලි සැර වැදී මියගිය කැලණිය සරසවි සිසුවා වෙනුවෙන් ජනපතිගෙන් මූල්‍ය පරිත්‍යාගයක්

කැලණිය විශ්වවිද්‍යාල භූමියේදී විදුලි සැර වැදීමෙන් මියගිය සිසුවෙකු වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මූල්‍ය පරිත්‍යාගයක් සිදුකර තිබෙනවා.
ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදී.
කැලණිය විශ්ව විද්‍යාලයේ තෙවන වසර සිසුවෙකු වූ ජී.එම්. සුබසිංහ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී විදුලි සැර වැදී ජීවිතක්ෂයට පත්වුණේ පසුගිය ජුනි 18 වැනිදායි.
ඒ ඔහු ඇඹරැල්ලා ගෙඩි කැඩීමට යොදා ගත් යකඩ කෙක්ක අධිබලැති විදුලි රැහැනක පැටලීමෙන්.
මියගිය සිසුවා වෙනුවෙන් ඔහුගේ පවුලේ සාමාජිකයන් වෙත රුපියල් ලක්ෂ 10ක පරිත්‍යාගයක් ජනාධිපති අරමුදලෙන් ලබා දීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පියවර ගෙන තිබෙනවා.
කලා පීඨයේ තෙවන වසර සිසුවෙකු වූ ජී.එම්. සුබසිංහගේ පියා පසුගියදා ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණ ජනාධිපතිවරයා අතින් එම මුදල් පරිත්‍යාගය භාර ගත්තා.