Gossips

දෙමළ ජාතික සන්ධානයට ඊ.පී.ඩී.පී. සහය

දෙමළ ජාතික සන්ධානයට උතුරු පළාතේ තනිව බලය පිහිටුවිය නොහැකි පළාත් පාලන ආයතනවලට සහය ලබාදීමට ඊ.පී.ඩී.පී. සංවිධානය තීරණය කර තිබෙනවා.
එම සංවිධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්දා මහතා හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් මේ බව සදහන් කළා.
පලාත් පාලන ඡන්ද විමසීමට අනුව උතුරු පළාතේ ආයතන කිහිපයක හැර අනෙක් පළාත් පාලන ආයතනවල තනි බහුතරයක් ලබා ගැනීමට කිසිදු පක්ෂයකට හැකියාවක් ලැබුණේ නැහැ.
කෙසේ වෙතත් එම ආයතනවල බලය පිහිටුවීම සදහා දෙමළ ජාතික සන්ධානයට උතුරු පළාතේ තනිව බලය පිහිටුවීමට තම සංවිධානය සහය ලබාදීමට තිරණය කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩගලස් දේවානන්දා මහතා පවසනවා.
ඔහු සදහන් කළේ එම ආයතනවලින් මාස 6 ක කාලයක් තුල ජනතාව වෙනුවෙන් ක්‍රියාමාර්ග නොගතහොත් ඉන් ඉවත් වීමට තම පක්ෂය සූදානම් බවයි.