Gossips

ප්‍රදේශ කිහිපයකට තද වැසි සහ සුළං

දිවයිනේ නිරිතදිග කොටසේ වැසි තත්වය සහ සුළං වේගය වැඩිවීමේ හැකියාව තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
අද රාත්‍රියේ සහ හෙට මධ්‍යම සහ සබරගමුව පළාත්වල මෙන්ම කළුතර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ක පමණ තද වැසි ඇතිවිය හැකියි.
එසේම බස්නාහිර පළාතේ සෙසු ප්‍රදේශවලට මෙන්ම වයඹ පළාතට සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලටද වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කරන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියා සිටියේ.
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට විටින් විට හමන, පැයට කිලෝමීටර 60 ක පමණ වේගයකින් යුත් තද සුළං ද අපේක්ෂා කළ හැකියි.