Gossips

අභිරහසක් ඉතිරිකර මහවැලි ගඟෙන් මතුවූ පුද්ගල මළ සිරුර

මහවැලි ගඟේ පොල්ගොල්ල උමං පිවිසුම අසළ අපද්‍රව්‍ය එකතු වන ස්ථානයේ තිබී පුද්ගල මළ සිරුරක් හමුවී තිබෙනවා.
අද (14) පෙරවරුවේ එහි පිරිසිදු කිරීමේ නිරත සේවකයින් පිරිසක් ලබා දුන් තොරතුරකට අනුව මෙම මළ සිරුර සොයා ගත් බවයි පොලිසිය සඳහන් කළේ.
මොහුගේ අනන්‍යතාවය ගැන මෙතෙක් තොරතුරු අනාවරණය වී නැහැ.
මෙය ඝාතනයක් ද නැතහොත් සියදිවි හානි කරගැනීමක් ද යන්න පිළිබඳ සෙවීම සඳහා පොලීසිය පරික්ෂණ ආරම්භ කර තිබෙනවා.