Gossips

කිලෝ 2000ක මඩු මාළුවෙකු මග්ගොන ධීවර වරායට

මග්ගොන – කුඩාව ධීවර වරායෙන් මුහුදු ගිය එක්දින යාත්‍රාවකට කිලෝග්‍රෑම් 2000 ක් පමණ බරැති මඩු මත්ස්‍යයෙකු හසුවී තිබෙනවා.
අප වාර්තාකරු සඳහන් කළේ මෙම මත්ස්‍යයා මග්ගොන ධීවර වරායේ යාත්‍රාවකට හසුවූ බරින් වැඩිම මඩු මත්ස්‍යයා බවයි.
මෙම මඩුවාගේ අධික බර නිසා දැල් මගින් ඇදගෙන ගොඩබිමට රැගෙන ඒමට කටයුතු කළ බව ධීවරයින් ප්‍රකාශ කළා.