Gossips

කෝටිපති මැණික් ව්‍යාපාරිකයෙකුට රත්නපුරයේදී වෙඩි

රත්නපුර – මාරපන ප්‍රදේශයේදී ජීප් රථයක ගමන් කරමින් සිටි මැණික් ව්‍යාපාරිකයෙකුට අද උදෑසන වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ ඔහු සිය නිවසේ සිට රත්නපුර නගරයේ පිහිටි තම සේවා ස්ථානය කරා ජීප් රථයෙන් ගමන් කරමින් සිටියදී මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි.
වෙඩි තැබීමෙන් ඔහුට හෝ ඔහු ගමන් ගත් ජීප් රථයට හානියක් සිදුව නොමැති අතර, කවුරුන් විසින් මෙම වෙඩි තැබීම සිදුකළේ ද යන්න පිළිබදව මෙතෙක් කරුණු අනාවරණ වී නැහැ.
වෙඩි තැබීම සිදුවූ ස්ථානයේ තිබී ටී – 56 ගිනි අවි සඳහා යොදා ගන්නා හිස් පතොරොම් කොපු 13ක් සොයාගෙන තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ ව්‍යාපාරිකයා බිය ගැන්වීමේ අරමුණින් මෙම වෙඩි තැබීම සිදුකළේ ද යන්න පිළිබදව සැකයක් පවතින බවයි.
අදාළ මැණික් ව්‍යාපාරිකයා නිවිතිගල – අටල්ල ප්‍රදේශයේ පදිංචි පොඩි මල්ලි ජෙම්ස් හෙවත් සෙනෙවිරත්න නමින් හඳුන්වන අයෙක්.