Gossips

ඩිලන්ත මාලගමුව ඝාතනයට සැලැස්මක්

තමන්ව ඝාතනය කිරීමේ සැලැස්ම සම්බන්ධයෙන් අද දිනයේ අග්‍රාමාත්‍යවරයා දැනුම්වත් කළ බව මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුව ප්‍රකාශ කළා.
හිරු ප්‍රවෘත්ති අංශය සමග දුරකතන සංවාදයකට එක්වෙමින් ඔහු කියා සිටියේ මේ සම්බන්ධයෙන් තමන් පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර ඇති බවයි.
නාවලපිටිය ප්‍රදේශයෙන් බදු පදනම මත තමන් මිලදී ගත් ඉඩමක් ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ උසස් නිලධාරියෙකු බලහත්කාරයෙන් යලි පවරා ගැනීමෙන් පසු තමන්ව ඝාතනය කිරීමට පවතින සූදානමක් පිළිබඳ පොලීසියෙන් තොරතුරු වාර්තා වූ බවයි ඔහු කියා සිටියේ.
ඊට අදාල කොන්ත්‍රාත්තුව එක්සත් ජාතික පක්ෂයේ කැළණිය හිටපු සංවිධායකවරයා වූ ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ ක්‍රියාකාරි අධ්‍යක්ෂකවරයා විසින් පාතාල සාමාජිකයෙකුට ලබාදී ඇති බව පොලිසිය තමන්ට දැනුම් දුන් බව ඩිලන්ත මාලගමුව කියා සිටියා.