දකුණු අප්‍රිකාවේ ජනාධිපති ජේකොබ් සූමාට එරෙහිව ඔහු නියෝජනය කරන අප්‍රිකානු ජාතික කොංග්‍රසය විසින් විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා.
එය සම්මත වුවහොත් අප්‍රිකානු ජාතික කොංග්‍රසයේ නියෝජ්‍ය නායක සිරිල් රමෆෝසා එරට ජනාධිපති ධුරයට පත්වනු ඇති.
දූෂණ චෝදනා එල්ලවීම නිසා අප්‍රිකානු ජාතික කොංග්‍රසය ධුරයෙන් ඉවත්වන ලෙසට ජේකොබ් සූමාට මීට පෙර දැනුම් දුන්නද ඔහු එය දිගින් දිගටම ප්‍රතික්ෂේප කළා.