Gossips

සහල් ඉල්ලුම පහළට

ලෝක වෙළදපොළේ සහල් සඳහා පවතින ඉල්ලූම පහත වැටෙමින් පවතින බව අන්තර්ජාතික සහල් පර්යේෂණ ආයතනයේ ප්‍රධානී ආචාර්ය ජීන් බැලී පවසනවා.
සහල් පාරිභෝජනය කරන රටවල් සහලින් ස්වයංපෝෂිත වීමට උත්සාහ කිරීම ඊට එක් ප්‍රධාන හේතුවක්.
එමෙන්ම, වර්තමාන සමාජය තුල පෝෂණීය ආහාර සහ සෞඛ්‍ය සම්පන්න ආහාර රටා පිළිබඳව පවතින්නේ විශාල උනන්දුවක්.
ඒ හේතුවෙන් කාබෝහයිඞ්රේට් බහුල ආහාර සීමා සහිත ලෙස පාරිභෝජනය කිරීමට ඔවුන් පෙළඹී සිටිනවා.
කෙසේ නමුත් ශ්‍රී ලංකාවේ සහල් සඳහා පවතින ඉල්ලුම මෙතෙක් පහත වැටී නැහැ.
ශ්‍රී ලංකාව ඇතුළු එවැනි සීමිත වෙළඳපොලක් සඳහා සහල් නිෂ්පාදනය කරන රටවල් දැඩි තරඟයක නිරත වන බව ආචාර්ය ජීන් බැලී සඳහන් කළා.
ඔහු මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා කෘෂිකර්ම ප්‍රතිපත්ති සභාව මගින් මෙහෙයවනු ලැබූ ජාත්‍යන්තර කෘෂිකාර්මික පර්යේෂණ සමුළුවේ ප්‍රධාන දේශනය පවත්වමින්.
තිරසාර නවෝත්පාදන, කෘෂිකර්ම පිළිවෙත් අනුගමනය කිරීමෙන් ගොවීන්ගේ ආදායම දෙගුණ කිරීම සමුළුවේ තේමාවයි.