Gossips

විස්සයි විස්ස අද රාත්‍රී 7ට

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟය, කොළඹ – ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද රාත්‍රී 7ට ආරම්භ වනවා.
අයි.සී.සී. තරඟ තහනමකට ලක්ව සිටි දිනේෂ් චන්දිමාල් අද තරඟයේදී නැවතත් ශ්‍රී ලංකා පිළට එක්වීමට නියමිතයි.
ජෙෆ්රි වැන්ඩසේ සහ ශෙහාන් මධුශංක සංචිතයට කලින් නම් කර තිබුණ ද පසුව ඒ වෙනුවට ඉසුරු උදාන සහ කසුන් රාජිත ඇතුළත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පියවර ගත්තා.
දකුණු අප්‍රිකානු පිළේ හෂීම් අම්ලා සහ කගීසෝ රබාඩා අද තරඟයේදී විවේක ගන්වනු ඇති.
ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර මීට පෙර පැවති විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟ 9කින් 5ක්ම ජය ගෙන ඇත්තේ දකුණු අප්‍රිකාවයි.
ඉන් ශ්‍රී ලංකාවේ පැවති තරඟ 4කින් තුනක්ම ශ්‍රී ලංකා පිළ දකුණු අප්‍රිකාව වෙතින් පරාජය ලැබුවා.
කෙසේ නමුත්, අවසන් එක්දින තරඟ දෙකේදී ලද ජයග්‍රහණ තුළින් ශ්‍රී ලංකා පිළ මෙම තරඟය ජය ගැනීම සඳහා දැඩි උද්යෝගයකින් කටයුතු කරනු ඇති බවයි ක්‍රීඩා විචාරකයන් පෙන්වා දෙන්නේ.
අද තරඟයට බොහෝදුරට එක්විය හැකි කණ්ඩායම් මෙලෙස විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර තිබුනා.
South Africa (possible):
1 Quinton de Kock (wk),
2 Reeza Hendricks,
3 Aiden Markram,
4 Heinrich Klaasen,
5 JP Duminy (capt),
6 DA Miller,
7 Wiaan Mulder,
8 Andile Phehlukwayo,
9 Junior Dala,
10 Lungi Ngidi,
11 Tabraiz Shamsi
Sri Lanka (possible):
1 Kusal Mendis,
2 Kusal Perera (wk),
3 Upul Tharanga,
4 Dinesh Chandimal,
5 Angelo Mathews (capt.),
6 Thisara Perera,
7 Dasun Shanaka,
8 Isuru Udana,
9 Akila Dananjaya
10,Lakshan Sandakan,
11 Kasun Rajitha