Gossips

නව තැපැල්පතිවරයා ලෙස රංජිත් ආරියරත්න පත් කෙරේ

නව තැපැල්පතිවරයා ලෙස පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් යූ.ජී. රංජිත් ආරියරත්න පත් කර තිබෙනවා.
එම පත්වීම අද සිට ක්‍රියාත්මක බවයි තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය ඒ.එච්.එම්. හලීම් සඳහන් කළේ.
මීට පෙර තැපැල්පතිවරයා ලෙස කටයුතු කළ රෝහණ අබේරත්න ජනාධිපති ලේකම් කාර්යාලයට අනුයුක්ත කිරිම හේතුවෙන් අමාත්‍ය මණ්ඩල අනුකමිටු නිර්දේශ යටතේ මෙම නව පත්වීම සිදුකර තිබෙනවා.