Gossips

update : ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් මියගිය සංඛ්‍යාව 7 දක්වා ඉහළට (ඡායාරූප)

ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් මියගිය සංඛ්‍යාව 7 ක් දක්වා ඉහළගොස් තිබෙනවා.
අද පස්වරු 3.15 ට පමණ බබාපුල්ලේ ප්‍රදේශයේ තේ ගබඩා කර තිබු ගොඩනැගිල්ලකුයි මෙලෙස කඩා වැටීමට ලක්වුනේ.
අනතුරින් මියගිය පිරිස අතර පිරිමි පුද්ගලයන් 4 දෙනෙකු සහ කාන්තාවන් 3 දෙනෙකු වනවා.
තුවාල ලැබු දෙදෙනෙකු කොළඹ ජාතික රෝහල වෙත ඇතුලත් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
සුන්බුන් අතර තවත් පුද්ගලයන් සිරවී ඇත්ද යන්න සොයා සහන සේවකයන් මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.
update : wednesday, 14 February 2018 – 17.24
——————————————————————
කොළඹ – ග්‍රෑන්ඩ්පාස් – බාබාපුල්ලේ ප්‍රදේශයේ පිහිිටි තේ ගබඩා කර තිබූ ගොඩනැගිල්ල කඩාවැටීමෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව මේ වනවිට හයදෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා.
තුවාල ලැබූ තවත් දෙදෙනෙකු කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ ප්‍රතිකාර ලබන බවයි එහි ප්‍රකාශිකාවක සඳහන් කළේ.
ගොඩනැගිල්ලට තවත් පුද්ගලයින් යටවී ඇත්දැයි සෙවීම සඳහා පොලීසිය සහ ආපදා සහන සේවකයින් මෙහෙයුම් සිදුකරනවා.
ඒ සඳහා සහය වීමට ආපදා රථ 8 ක් පමණ යොමුකර ඇති බවයි ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.
update : wednesday, 14 February 2018 – 17.04
——————————————————————
කොළඹ – ග්‍රෑන්ඩ්පාස් – බාබාපුල්ලේ ප්‍රදේශයේ පිහිටි තේ ගබඩා කර තිබූ ගොඩනැගිල්ල කඩාවැටීමෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව මේ වනවිට හතර දක්වා ඉහළ ගොස් තිබෙනවා.
කොළඹ ජාතික රෝහලේ ප්‍රකාශිකාවක සඳහන් කළේ කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි පුද්ගලයන් දෙදෙනෙකු මෙලෙස මියගොස් ඇති බවයි.
තවත් දෙදෙනෙකු බරපතල තුවාල ලබා ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ ප්‍රතිකාර ලබන බවද ඇය සඳහන් කළා.
තවත් පුද්ගලයින් ඊට යටවී ඇත්දැයි සොයාබැලීම සඳහා පොලීසිය සහ ආපදා සහන සේවකයින් මේ වනවිට සෝදිසි මෙහෙයුමක්ද ආරම්භ කර තිබෙනවා.
ඊට අමතරව අදාළ ස්ථානයට ආපදා රථ 8 ක් පමණ යොමුකර ඇති බවයි ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.
update : wednesday, 14 February 2018 – 16.55
——————————————————————
කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ තේ ගබඩා කර තිබු ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් මියගිය සංඛ්‍යාව 3 ක් දක්වා ඉහළගොස් තිබෙනවා.
තවත් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
තුවාල ලැබූ දෙදෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර, ඔවුන්ගේ තත්ත්වය බරපතල බවයි එහි හදිසි අනතුරු අංශයේ අධ්‍යක්ෂිකා වෛද්‍ය සමිද්ධි සමරකෝන් ප්‍රකාශ කළේ.
තවත් පුද්ගලයින් ඊට යටවී ඇත්දැයි සොයාබැලීම සඳහා පොලීසිය සහ ආපදා සහන සේවකයින් මේ වනවිට සෝදිසි මෙහෙයුමක්ද ආරම්භ කර තිබෙනවා.
ඊට අමතරව අදාළ ස්ථානයට ආපදා රථ 8 ක් පමණ යොමුකර ඇති බවයි ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.
update : wednesday, 14 February 2018 – 16.17
——————————————————————
ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් දෙදෙනෙක් මරුට
ග්‍රෑන්ඩ්පාස් බබාපුල්ලේ ප්‍රදේශයේ ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.
අද පස්වරු 3.15 ට පමණ අනතුර සිදුව ඇති බවයි පොලිසිය නිවේදනය කළේ.
තේ ගබඩා කර තිබු ගොඩනැගිල්ලක් මෙලෙස කඩා වැටී ඇති අතර තවත් දෙදෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර තිබෙනවා.
එම ගොඩනැගිල්ලේ සුන්බුන් අතර තවත් පුද්ගලයන් සිරවී ඇත් ද යන්න සොයා බැලීම සඳහා ආපදා සේවකයන් සහ පොලිසිය සෝදිසි මෙහෙයුම්වල නිරතවන බවයි වාර්තා වන්නේ.