Gossips

පොදුජන පෙරමුණ, සිංගප්පූරු ගිවිසුම ගැන අමරපුර නිකායේ මහානාහිමියන් දැනුවත් කරයි

සිංගප්පූරු – ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම වහාම අත්හිටවිය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසනවා.
ඔහු මේ අදහස් පළ කළේ අද පෙරවරුවේ ගල්කිස්සේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා අද පෙරවරුවේ ගල්කිස්ස ශ්‍රී ධර්මපාලාරාමය වෙත පැමිණ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස නාහිමියන් බැහැදුටුවා.
එහිදී ජී.එල්. පීරිස් මහතා සිංගප්පූරු ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම සම්බන්ධයෙන් මහනාහිමියන්ව දැනුවත් කළා.