Gossips

ජයග්‍රහණය කළ සන්ධාන නියෝජිතයන් හෙට කොළඹට

මෙවර පළාත් පාලන මැතිවණයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නායකත්වය දුන් දේශපාලන පක්ෂ සහ සන්ධාන නියෝජනය කරමින් මැතිවරණයට ඉදිරිපත්ව ජයග්‍රහණය කළ නියෝජිතයන් සහ ජනාධිපතිවරයා අතර විශේෂ හමුවක් හෙට පැවැත්වෙනවා.
ඒ කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේදීයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධානය, ලංකා කම්කරු කොංග්‍රසය, ජාතික කොංග්‍රසය සහ ඊ පී ඩී පී පක්ෂය නියෝජනය කරමින් තරග කර ජයග්‍රහණය කළ සියලු අපේක්ෂක අපේක්ෂිකාවන් මීට එක්වීමට නියමිතයි.