වසරේ මුල් මාස 7 තුළදී පමණක් වන අලි 154 දෙනෙකු පමණ මියගොස් ඇති බව වනජීවී දෙපාර්තමේන්තුවේ අලි සංරක්ෂණ අංශයේ නියෝජ්‍ය අධ්යක්ෂ යූ.එල්. තවුෆික් පවසනවා.
ඉන් වැඩි ප්‍රමාණයක් මියගොස් ඇත්තේ හක්කපටස් ආහාරයට ගැනීමෙන් සහ සහ වෙඩි වැදීම හේතුවෙන්.
ඉන් වැඩි ප්‍රමාණයක් වාර්තාවී ඇත්තේ නැගෙනහිර පළාතේ අම්පාර ප්‍රදේශයෙන්.
එමෙන්ම වන අලි ගැටුම් නිසා පුද්ගලයින් 58 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අවුරුදු 50 සහ 60 වයස්වල පසුවන පිරිමි පුද්ගලයින් වැඩි ප්‍රමාණයක් වන අලි පහරදීම නිසා ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වනජීවී දෙපාර්තමේන්තුව සඳහන් කළේ.