Gossips

තහනම් පොලිතින් කර්මාන්තශාලාවක් වටලයි

මහා පරිමාණයෙන් තහනම් පොලිතින් නිෂ්පාදනය කළ කර්මාන්තශාලාවක් ගම්පහ – මීරිගම ප්‍රදේශයෙන් සොයාගෙන තිබෙනවා.
පාරිභෝගික සේවා අධිකාරියට ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදියි මෙම කර්මාන්තශාලාව පිළිබඳ තොරතුරු අනාවරණ වී ඇත්තේ.
වැටලීම සිදුකරන අවස්ථාවේදී වෙළදපොළට නිකුත් කිරීම සඳහා සකස් කර තිබූ රුපියල් ලක්ෂ 10ක් පමණ වටිනාකමින් යුත් තහනම් පොලිතින් තොගයක් සොයා ගනු ලැබූ බව මධ්‍යම පරිසර අධිකාරිය ප්‍රකාශ කළා.
කිසිදු බලපත්‍රයක් නොමැතිව තහනම් අමුද්‍රව්‍ය භාවිතා කරමින් දීර්ඝ කාලයක සිට මෙම පොලිතින් නිෂ්පාදනය කර ඇති බව සඳහන්.