දිවයින හරහා සුළඟේ වේගය තරමක් දුරට වැඩිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ හෙට දිනයේදී සබරගමුව, බස්නාහිර, දකුණ, වයඹ, උතුරුමැද සහ ඌව පළාත්වලට මෙම සුළං ඇතිවිය හැකි බවයි.
ඇතැම් විට එහි වේගය පැයට කිලෝමීටර් 50 ත් 55 ත් අතර පැවතිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.
එමෙන්ම, මන්නාරම සිට පුත්තලම, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය ද ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.