Gossips

කාන්තා රැඳවියන් පිරිසක් වැලිකඩ බන්ධනාගාරයේ වහලයට නගී

වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා රැදවියන් පිරිසක් අද උදෑසන එහි ගොඩනැගිල්ලක වහලයක් මත නැගී සිදුකළ විරෝධතාව තවදුරටත් ක්‍රියාත්මකයි.
බොරැල්ල පොලීසිය ප්‍රකාශ කළේ තමන්ට ඇප ලබාදෙන ලෙස ඉල්ලා ඔවුන් මෙලෙස විරෝධතාවයේ නිරත වන බවයි.
කාන්තා රැදවියන් 15 දෙනෙකු පමණ විරෝධතාවයට එක්ව සිටින අතර මොවුන් මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් දැනට බන්ධනාගාර ගතව සිටින බවයි පොලීසිය සඳහන් කළේ.
සිය ප්‍රමාදවී ඇති නඩු කටයුතු කඩිනම් කරදෙන ලෙසද විරෝධතාවයේ නිරත කාන්තා රැඳවියන් ඉල්ලා සිටිනවා.
මෙම විරෝධතාව සහය පළ කරමින් අද දහවල් වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිටදී බන්ධනාගාර රැඳවියන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව විරෝධතාවක නිරතවීමට තීරණය කර තිබෙනවා.