Gossips

ලෙන්වල අනවසර ඉදිකිරීම් සම්බන්ධයෙන් පුරාවිද්‍යාව පරීක්ෂණ අරඹයි

මාතලේ ඓතිහාසික අළුවිහාරයට අයත් භූමියක කටාරම් කෙටු ලෙන් කිහිපයක අනවසර ඉදිකිරීම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
අදාළ ලෙන් තුළ වැසිකිලි ඉදිකර පුරාවිද්‍යා ස්මාරකවලට අලාභහානි සිදුවන ආකාරයට නිවාස ඉදිකර තිබූ බවයි මාතලේ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට අනුබද්ධ පුරාවිද්‍යා ආරක්ෂක අංශයේ නිලධාරීන් පසුගියදා සිදුකළ මෙහෙයුමකදී අනාවරණ වුණේ.
මාතලේ ඓතිහාසික අළුවිහාරය ආසන්නයේ පිහිටි ගල් ලෙන් තුනක වැසිකිලි ඉදිකර තිබූ අතර, ලෙන්වල ගල් කැබලි කොට නිවාස ඉදිකිරීම සඳහා අත්තිවාරම් දමා තිබූ බවද එහිදී අනාවරණ වී තිබෙනවා.
පසුව මෙම අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට පියවර ගත් බවයි මෙහෙයුම සිදුකළ නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.
මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් මහාචාර්ය පී.බී. මණ්ඩාවල කියා සිටියේ මධ්‍යම පළාත භාර සහකාර පුරාවිද්‍යා අධ්‍යක්‍ෂවරයා යටතේ මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරන බවයි.