Gossips

තුර්කියේ ලීරා මුදල් ඒකකය අවප්‍රමාණ වෙයි

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව තුර්කියේ ලීරා මුදල් ඒකකයේ වටිනාකම අවප්‍රමාණ වී තිබෙනවා.
ඇමරිකාව තුර්කියට සම්බාධක පැනවීමත් සමඟ මෙලෙස එරට මුදල් ඒකකය අවප්‍රමාණ වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
කෙසේ වෙතත් තුර්කි මහ බැංකුව සඳහන් කළේ තම රටෙහි මුදල් ඒකකය ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය සියලූ පියවර ගනිමින් සිටින බවයි.
වසර දෙකකට ආසන්න කාලයක් තුර්කි රැඳවුම් කඳවුරක රඳවා සිටින තම පුරවැසියෙකු නිදහස් නොකිරීමට එරෙහිවයි ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය සිකුරාදා මෙලෙස තුර්කියට සම්බාධක පනවනු ලැබුවේ.