Gossips

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් අද ශල්‍යකර්මයට

සිර දඩුවම් නියමවී ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට නිර්දේශ කර තිබෙන ශල්‍යකර්මය අද සිදුකිරීමට නියමිත බව වාර්තා වනවා.
අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වසර 6 ක සිර දඩුවම් නියමවූ බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබනුයේ බන්ධනාගාර සහ පොලිස් නිලධාරීන්ගේ ආරක්ෂාව මධ්‍යයේයි.