අකිලගේ මැජික් පන්දුව ඉදිරියේ අසරණ වූ දකුණු අප්‍රිකාව ලෝක ක්‍රිකට් පිටියේ පහළට වැටෙයි
දකුණු අප්‍රිකාව සමඟ පැවති පස්වන සහ අවසන් එක්දින තරඟය ලකුණු 178 කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (12) සමත්වුණා.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දු වාර 50 අවසානයේ කඩුලු 08ක් බිද වැටී ලකුණු 299ක් රැස්කළා.
විශ්ෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ නායක ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 97යි.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකානු කණ්ඩායම පන්දුවාර 24යි පන්දු 4ක් අවාසනයේ ලකුණු 121 කට දවා ගැනිමට ශ්‍රී ලංකා පන්දුයවන්නන් සමත්වුණා.
සිය එක්දින ජාත්‍යන්තර තරඟවලදී හොඳම පන්දු යැවීම වාර්තා කළ අකිල ධනංජය පන්දුවාර 09කදි ලකුණු 29කට කඩුලු 06ක් දවාගනිමින් තරඟයේ වීරයා සම්මානයද දිනාගත්තා.
මේ අතර ශ්‍රී ලංකාව සමඟ පැවති තරඟ 05 කින් යුත් එක්දින තරඟාවලිය තුනට දෙකක් ලෙස ජයග්‍රහණය කළත් අවසන් තරඟ දෙකේදී ලද පරාජය හේතුවෙන් දකුණු අප්‍රිකානු කණ්ඩායම ජාත්‍යන්තර එක්දින ශ්‍රේණිගත කිරීම්වල සිව්වන ස්ථානය දක්වා පසුබැස තිබෙනවා.
තරඟාවලිය ආරම්භයේදී ප්‍රසාද ලකුණු 112ක් ලබාගනිමින් ශ්‍රේණිගත කිරීම්වල සිව්වන ස්ථානයේ පසුවූ නවසීලන්ත කණ්ඩායමට වඩා එක් ලකුණක් වැඩියෙන් ලබාගනිමින් දකුණු අප්‍රිකානු කණ්ඩායම ශ්‍රේණිගතකිරීම්වල තුන්වන ස්ථානයේ පසුවුණා.
ශ්‍රී ලංකා කණ්ඩායම හමුවේ අවසන් තරඟ දෙකේ ලද පරාජයත් සමඟ දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 110 දක්වා අඩුවෙමින් ඔවුන් සිව්වන ස්ථානයට පැමිණ ඇති අතර, ප්‍රසාද ලකුණු 112ක් ලබාගනිමින් නවසීලන්ත කණ්ඩායම තුන්වන ස්ථානයට පත්ව තිබෙනවා.
තරඟාවලිය ආරම්භයේ එක්දින ශ්‍රේණිගතකිරීම් වලදී ප්‍රසාද ලකුණු 77ක් ලබාගනිිමන් 8 වන ස්ථානයේ පසුවූ ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 80 දක්වා ඉහළ දමාගැනීමට සමත්ව ඇති අතර, ඔවුන් තවදුරටත් පසුවන්නේ ශ්‍රේණිගතකිරීම්වල 8 වන ස්ථානයේයි.
තරඟයේ විශේෂ අවස්ථා පහතින්.
rnrn