Gossips

අවසන් එක්දින ගැටුමේදී දකුණු අප්‍රිකානුවන්ට දැවැන්ත ඉලක්කයක්

සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පස්වන සහ අවසන් එක්දින තරඟයේ කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 08කට ලකුණු 299ක් රැස් කිරීමට සමත් වුණා.
එහිදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ ඇන්ජලෝ මැතිව්ස් පන්දු 97කට රැස්කළ ලකුණු සංඛ්‍යාව 97ක්.
ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් නිරෝෂන් දික්වැල්ල ලකුණු පන්දු 65කදී ලකුණු 43ක් රැස්කළ අතර කුසල් මෙන්ඩිස් ලකුණු 38ක් රැස්කළා.
මැදපෙළ පිතිකරු ධනංජය ද සිල්වා රැස්කළ ලකුණු සංඛ්‍යාව 30ක්.
පන්දු යැවීමේදී විලම් මෝල්ඩර් කඩුලු 02ක් සහ ඇන්ඩල් ෆ්ලීකූයියෝ කඩුලු 02ක් බිඳ දැමුවා.
ඒ අනුව අවසන් එක්දින තරඟය ජය ගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායමට හිමිව ඇති ඉලක්කය ලකුණු 300ක්.