ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ ස්වාධීන වුවද විපක්ෂ නායක ධුරය ලබා ගත නොහැකි බව නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක අමාත්‍ය දුමින්ද දිසානායක පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ අද (12) පෙරවරුවේ අස්ගිරි සහ මල්වතු මහනාහිමිවරුන් බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
