Gossips

ඇමරිකාවේ ලැව් ගිනි 100 ක්

ඇමරිකාවේ – නිව් මෙක්සිකෝ සිට කැලිෆෝනියා ප්‍රාන්තය දක්වා මේ වනවිට ලැව්ගිනි 100 කට අධික සංඛ්‍යාවක් පැතිරෙමින් පවතින බව විදෙස් වාර්තා සඳහන් කළා.
වියලි කාලගුණයත් සමඟ මෙම ලැව්ගිනි තවදුරටත් පැතිරීමේ අවදානමක් පවතින බව සඳහන්. 30,000 ක් පමණ ගිනි නිවීමේ කටයුතුවල නිරතව සිටින අතර, ඊට ඕස්ට්‍රේලියානු සහ නවසීලන්ත ගිනි භටයන්ද එක්ව සිටිනවා.
මේ වනවිට ඇමරිකාවේ ලැව් ගිනිවලින් හෙක්ටයාර හයලක්ෂ හතලිස් අටදහසක් පමණ විනාශ වී ඇති බව ඇමරිකානු ජාතික ආපදා සම්බන්ධීකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළා.
මේ වනවිට ජීවිත හානි 8 ක් වාර්තාවන අතර, ලැව් ගින්නෙන් විනාශ වූ නිවාස සංඛ්‍යාව 1100 කට අධිකයි.