Gossips

නාසා පාකර් යානය හිරු බලා නික්මෙයි

හිරුගේ මෙතෙක් හෙළි නොවූ අභිරහස් සොයා ඇමරිකානු නාසා ආයතනයේ පාකර් ගවේෂණ යානය අද උඩු ගුවන බලා නික්මුණා.
ෆ්ලොරිඩාවේ කැනවරල් තුඩුවෙන් එය නික්මුණේ කාර්මික ගැටළුවක් හේතුවෙන් දිනක ප්‍රමාදයකින් අනතුරුවයි.
මෝටර් රථයක් තරම් වන මෙම ගේවෂණ යානය හිරු වෙත යොමු කිරීම සඳහා ලොව මෙතෙක් නිර්මාණය කළ ප්‍රබලතම රොකට්ටුවක් යොදාගෙන තිබෙනවා.
පාකර් ගවේෂණ යානය වසර 2024 වනවිට හිරුට සැතපුම් මිලියන 3.9 ක ආසන්න කක්ෂයකට පැමිණෙන අතර, එවිට එය බුද ග්‍රහයාට වඩා හිරුට ළංවනු ඇති.