ප්රශ්නගත බැඳුම්කර ගණුදෙනුව සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ වාර්තාවලින් පාර්ලිමේන්තුවට මෙතෙක් ලැබී නොතිබූ වෙළුම් කිහිපයක් කථානායක කරූ ජයසූරිය වෙත ලැබී තිබෙනවා.
කථානායකවරයා මීට පෙර අදාළ ලේඛන මන්ත්රීවරුන් වෙත නිකුත් කළ හැකිද යන්න සම්බන්ධයෙන් නීතිපති උපදෙස් විමසා තිබුණා.
ඒ අනුවයි එම බැඳුම්කර කොමිසන් වාර්තාවේ කොටස් කිහිපයක් කථානායකවරයා වෙත ලබාදී ඇත්තේ.
ඒ සම්බන්ධයෙන් කථානායකවරයා, නීතිපති ජයන්ත ජයසූරිය සමඟ සාකච්ඡා කර ඇති අතර, අදාළ වාර්තා බොහොමයක් නිකුත් කළ හැකි බවට ඔහු දැනුම්දී ඇති බවයි වාර්තාවන්නේ.
ඒ අනුව අදාළ ලේඛන ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇති.
කෙසේ නමුත් දැනට පරීක්ෂණ ක්රියාත්මක හෝ ඉදිරියේදී එලෙස පරීක්ෂණ සිදුකිරීමේ හැකියාවක් ඇති කොටස් පමණක් නිකුත් කිරීමට නීතිපති අවසරය හිමිවී නොමැති බව සඳහන්.