Gossips

විපක්ෂ නායක අරගලය අවසන් නැහැ – දහසය දෙනාත් කියයි

විපක්ෂ නායක ධුරය සහ ඉන්ධන මිල සූත්‍රය සම්බන්ධයෙන් ආණ්ඩුවෙන් ඉවත්වූ හිටපු අමාත්‍ය චන්දිම වීරක්කොඩි සහ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි අදහස් පළ කළා.
ඒ, ගාල්ලේ ඊයේ පැවති මාධ්‍ය හමු දෙකකදියි.
එහිදී පසුගියදා ආණ්ඩුවෙන් ඉවත්වූ දහසය දෙනාගේ කණ්ඩායම නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි සඳහන් කළේ විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් වන අරගලය අවසන් වී නොමැති බවයි.