Gossips

තෙල් මිල ගැන විශ්ලේෂකයින්ගෙන් පැහැදිළි කිරීමක්

ලෝක වෙළඳපොලේ ඛනිජ තෙල් මිල ඉදිරි කාලයේදී ප්‍රධාන සාධක දෙකක් මත රඳා පවතිනු ඇති බව වෙළඳපොල විශ්ලේෂකයන් පෙන්වා දෙනවා.
ඒ, ඇමරිකාව විසින් ඉරානයට පනවන නව සම්බාධක සහ ඇමරිකාව හා චීනය අතර පවතින වෙළඳ යුද්ධයයි. ඉරාන සම්බාධක තුළින් දිනකට තෙල් බැරල් මිලියන 1.5 ක් පමණ වෙළඳපොලෙන් ඉවත්විය හැකියි. ඒ හේතුවෙන් ලෝක වෙළඳපොලේ තෙල් මිල ඉහළ යාමේ ප්‍රවණතාවක් පවතිනවා.
අරාබි අර්ධද්වීපයේ ගැටුම් හේතුවෙන් තෙල් ප්‍රවාහනයට පවතින බාධාවන්ද උත්සන්න වුවහොත් ලෝක වෙළඳපොලේ දැනට ඩොලර් 70 සීමාවේ පවතින තෙල් බැරලයක මිල ඩොලර් 90 දක්වා ඉහළ යා හැකි බව සඳහන්.
කෙසේ නමුත් චීන – ඇමරිකානු වෙළඳ යුද්ධය ලෝක වෙළඳපොලේ තෙල් මිල සමනය කිරිමට ඉවහල් වනු ඇති බවයි විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ.