Gossips

ලසිත් මාලිංගට ඇති අවස්ථාවක් ගැන චන්දික හතුරුසිංහ හෙළිකරයි

ලසිත් මාලිංගට ඇති අවස්ථාවක් ගැන චන්දික හතුරුසිංහ හෙළිකරයි
විවිධ හේතූන් මත කණ්ඩායමට ඇතුළත් නොවන ධනුෂ්ක ගුණතිලක, ජෙෆ්රි වැන්ඩසේ සහ ලසිත් මාලිංගට ශ්‍රී ලංකා පිලේ දොරටු තවමත් විවෘතව පවතින බව පුහුණුකරු චන්දික හතුරුසිංහ පවසනවා.
හතුරුසිංහ, ශ්‍රී ලංකා තේරීම් කමිටුවට ඇතුළත් නොවූවත් කණ්ඩායම තේරීමේදී විශාල බලපෑමක් කළ හැකි අයෙකු ලෙසයි සැළකෙන්නේ.
ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවියට අදහස් දක්වමින් ඔහු කියා සිටියේ 2019 ලෝක කුසලාන තරගාවලිය මෙන්ම 2020 වසරේ විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම මෙතෙක් හඳුනාගෙන නොමැති බවයි.
ධනුෂ්ක ගුණතිලක සහ ජෙෆ්රි වැන්ඩසේ විනය කඩකිරීමේ චෝදනා මත කණ්ඩායමෙන් ඉවත් කර ඇති අතර, අන්තර් පළාත් එක්දින තරගාවලියට සහභාගි නොවී අයි.පී.එල්. උපදේශකයෙකු ලෙස මුම්බායි ඉන්දීය පිලට එක්වූ මාලිංගද දකුණු අප්‍රිකාව සමඟ පැවැත්වෙන විස්සයි විස්ස තරගයට පවා තෝරාගෙන නැහැ.
කෙසේ නමුත් මාලිංග මේ වසර මුලදී පැවති විස්සයි විස්ස දේශීය තරගාවලියට සහභාගිවී සම වැඩිම කඩුලු සංඛ්‍යාවද වාර්තා කළා.
මේ මාසයේ පැවැත්වෙන ශ්‍රී ලංකා ක්‍රිකට් විස්සයි විස්ස තරගාවලියේදීද සිය හැකියාවන් පෙන්නුම් කිරීමට මාලිංගට තවත් අවස්ථාවක් හිමිවනවා.
හතුරුසිංහ කියා සිටියේ කණ්ඩායමට ප්‍රමුඛත්වය හිමිවන අතර, කිසිවෙකුට විශේෂයක් කළ නොහැකි බවයි.
තේරීම් කමිටුව අපේක්ෂා කරන දස්කම් අතරට පැමිණියහොත් මාලිංගටද කණ්ඩායමට එක්විය හැකි බව හතුරුසිංහගේ අදහසයි.