Gossips

කාලගුණයේ වෙනසක් අද සිට

අද සිට දිවයිනේ නිරිතදිග කොටසේ වැසි තත්ත්වයේ සහ සුළෙඟ් වේගය වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ සබරගමුව, මධ්‍යම පළාත්වල මෙන්ම කළුතර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මිලිමීටර් 100ක පමණ තද වැසි ඇති විය හැකි බවයි.
එමෙන්ම මධ්‍යම, සබරගමුව, බස්නාහිර, දකුණ, වයඹ සහ ඌව පළාත්වල මෙන්ම අම්පාර සහ මඩකලපුව යන දිස්ත්‍රික්කවල සුළෙඟ් වේගය පැයට කිලෝමීටර් 50 දක්වා ඉහළ යා හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.