Gossips

රතන හිමියන් නඩු කියන්න සැරසේ

ග්ලයිෆොසෙට් අඩංගු පළිබෝධ නාශක භාවිතය නිසා තමන්ට පිළිකාවක් වැළඳුණු බවට පවසමින් අධිකරණයට ගිය ඇමරිකානු ජාතිකයෙකුට ඩොලර් මිලියන 289 ක වන්දියක් ගෙවන ලෙසට කැළිෆෝනියා අධිකරණයක් අදාළ සමාගමට නියෝග කර තිබෙනවා.
ඩ්වෙන් ජොන්සන් නැමැති මෙම පිළිකා රෝගියාට ලැබිය යුතු වන්දියේ වටිනාකම රුපියල් වලින් කෝටි 4600 ක්.
මේ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පැවසුවේ ග්ලයිෆොසෙට්වලට එරෙහිව මෙරට තුළදීද අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම කෙරෙහි අවදානය යොමුව ඇති බවයි.
ඇමරිකානු වාර්තා පවසන්නේ ග්ලයිෆොසෙට් සම්බන්ධ තවත් නඩු 5000 කට ආසන්න ප්‍රමාණයක් මේ වනවිට එරට තුළ විභාග වෙමින් පවතින බවයි.
ග්ලයිෆොසෙට් පිළිකාවලට සම්බන්ධ බවට අධිකරණයේදී තීන්දු වූ ප්‍රථම නඩු විභාගය ද මෙයයි.
එහිදී පැමිණිලිකාර ඩ්වේන් ජොන්සන්ට ඩොලර් මිලියන 289 ක වන්දියක් ගෙවන ලෙසට අධිකරණය, මොන්සැන්ටෝ සමාගමට නියෝග කළා.