Gossips

නැවත පාර්ලිමේන්තු පැමිණෙන බව හිටපු ඇමති මර්වින් කියයි

තමන් මියයන්නේ ජනතාවට සේවය කිරීම සදහා නැවත පාර්ලිමේන්තුවට පැමිණීමෙන් පසුව බව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා පවසනවා.
ගැටඹේ ශ්‍රී රාජෝපවනාරාමාධිපති පූජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමියන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.
උන්වහන්සේ සහ හිටපු අමාත්‍යවරයා අතර එහිදී මෙවන් සංවාදයක් ද ඇතිවුණා.