Gossips

වරකාපොලදී මුගුරකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කෙරේ

වරකාපොල – බදුවත්ත ප්‍රදේශයේ මුගුරකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.
පොලීසිය සදහන් කළේ ඊයේ රාත්‍රී එකම පවුලේ සහෝදරයින් දෙදෙනෙකු අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුවී ඇති බවයි.
සිද්ධියෙන් මියගිය පුද්ගලයා 32 හැවිරිදි තෝලංගමුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු වන අතර ඝාතනය සිදුකළ ඔහුගේ සොහොයුරා අත්අඩංගුවට ගෙන තිබෙනවා.