මැලේසියානු සංවර්ධන අරමුදලෙන් ඩොලර් මිලියන ගණනක් සිය පෞද්ගලික ගිණුම්වලට හරවා ගත් බවට චෝදනා එල්ල වන මැලේසියාවේ හිටපු අගමැති නජීබ් රසාක්ට එරෙහි නඩු විභාගය ලබන වසරේ පෙබරවාරි 12 වන දා සිට ආරම්භ කිරීමට එරට අධිකරණය තීන්දු කර තිබෙනවා.
ක්වාලාලම්පූර් මහාධිකරණය ප්‍රකාශ කළේ ලබන වසරේ පෙබරවාරි 28, මාර්තු 4 සහ මාර්තු 29 යන දිනවලදී ද එම නඩුව විභාගයට ගැනෙන බවයි.
මෙහිදී හිටපු අගමැතිවරයාට එරෙහිව සාක්ෂි 50කට වැඩි සංඛ්‍යාවක් කැඳවන බව ද මැලේසියානු නීතිපතිවරයාගේ නියෝජිතයන් ප්‍රකාශ කළා.