Gossips

පොල්ගහවෙල සිදුවූ රිය අනතුරකින් තරුණියක් ජීවිතක්ෂයට

පොල්ගහවෙල – කයිකෝල ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් තරුණියක් ජීවිතක්ෂයට පත්ව පුද්ගලයෙක් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
ඊයේ රාත්‍රී මොවුන් දෙදෙනා සිය යතුරුපැදියෙන් කහවත්ත ඇල ප්‍රදේශයේ සිට නාරම්මල දෙසට ගමන් කරමින් සිටියදී එය පාලනය කර ගත නොහැකි වීමෙන් එම අනතුර සිදුවී ඇති බවයි පොලීසිය සදහන් කළේ.
සිද්ධියෙන් මියගිය තරුණිය 27 හැවිරිදි පොල්ගහවෙල – දේවාලෙපොල ප්‍රදේශයේ පදිංචිකාරිනියක්.
අනතුරෙන් තුවාල ලැබූ යතුරුපැදිකරු පොල්ගහවෙල රෝහලට ඇතුළත් කර තිබෙනවා.