Gossips

ඒකාබද්ධය ස්වාධීන වීමේ සූදානමක

විපක්ෂ නායකවරයා සම්බන්ධයෙන් කථානායකවරයා ඊයේ (10) ලබාදුන් තීන්දුවත් සමඟ ඒකාබද්ධ විපක්ෂයට ස්වාධීනවීමේ තත්වයක් උදා වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා පවසනවා.
ලබන අඟහරුවාදා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සමඟ පවත්වන සාකච්ඡාවේදී ඊට අදාළ අවසන් තීරණයට එළඹෙන බවයි ඔහු හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ.
වත්මන් විපක්ෂ නායක ධුරය වෙනස් කිරීමට ව්‍යවස්ථානුකූළව සහ සම්ප්‍රදානුකූලව තමන්ට හැකියාවක් නොමැති බවයි කතානායක කරු ජයසූරිය ඊයේ (10) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ.
ඒ, ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් 08 දෙනෙකුගෙන් අත්සනින් යුතුව දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා විපක්ෂ නායකවරයා ලෙස පත් කරන ලෙස පසුගියදා කරනු ලැබූ ඉල්ලීම පිළිබඳව මතය ප්‍රකාශ කරමින්.