Gossips

තමන්ගේ කඩුල්ල රැකගන්න පුජාරාගේ කඩුල්ල බිල්ලට දුන් කෝලි

ඉන්දීය කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයේ තුන්වන දිනය අදයි.
තරඟයේ දෙවන දිනය වූ ඊයේ දිනයේදී සිය පළමු ඉනිම ක්‍රීඩාකළ ඉන්දීය කණ්ඩායම ලකුණු 107කට දවාගන්නට එංගලන්ත වේග පන්දු යවන්නන් සමත් වුණා.
ඉන්දීය ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ රවිචන්ද්‍රන් අශ්වින් ලකුණු 29ක් රැස් කළ අතර ඉන්දීය නායක විරාත් කෝලි රැස්කළ ලකුණු සංඛ්‍යාව 23ක්.
මේ අතර ඉන්දීය මුල්පෙළ පිතිකරු චෙතිශ්වර් පුජාරාගේ දැවීයාම බොහෝ දෙනෙකුගේ අවදානය යොමුවූ දැවීයාමක් බවට පත්ව තිබෙනවා.
පන්දු 25ක් තුල එක් ලකුණක් ලබාගෙන සිටි පුජාරා අවාසනාවන්ත ලෙස දුවද්දී දැවීයාමකට ලක් වුණේ ඉන්දීය ඉනිමේ තුන්වන කඩුල්ල ලෙසයි.
ඉන්දීය පළමු ඉනිම ලකුණු 15ක්ව තිබියදී ජේම්ස් ඇන්ඩසන්ගේ පන්දුවකට පහරක් එල්ල කරන පුජාරා ලකුණක් ලබාගැනීම සඳහා උත්සහ කරනවා.
අනෙක් අන්තයේ පන්දුවට පහර දෙමින් සිටි විරාත් කෝලි එම ලකුණ ලබාගැනීම සඳහා දිවයන අතර එම අවස්ථාවේ තණතිල්ල අසල පන්දු රකිමින් සිටි ඔලී පෝප් විසින් පුජරා එල්ල කළ පන්දු පහර රැකගනු ලබනවා.
ඔලී පෝප් විසින් පන්දුව රැකගත් බව දුටු අනෙක් අන්තයේ සිට දිව ආ විරාත් කෝලි ආපසු හැරී තමන් සිටි අන්තය වෙත නැවත දිව යන්නේ, තම අන්තය වෙත නැවත හැරී යන ලෙසට පුජාරාට කිසිඳු සංඥාවක් නොකරමින්.
කෙසේ වෙතත් ක්‍රීඩා මාධ්‍ය වර්තාකරන්නේ කෝලි විසින් සිදුකළ මෙම ක්‍රියාව ප්‍රේක්ෂකයන්ගේ අප්‍රසාදයට ලක්ව ඇති බවයි.
අදාල සිදුවීම පහතින්.
rnrnrnrnrnrnrn