Gossips

ශ්‍රී ලංකා යොවුන් රග්බි පිළෙන් දස්කම්

හොංකොං හි පැවැත්වෙන ආසියානු වයස විස්සෙන් පහළ සත් සාමාජික රග්බි තරගාවලියේ දී දස්කම් දැක්වීමට ශ්‍රී ලංකා යොවුන් රග්බි පිළ සමත් වී සිටිනවා.
ඊයේ දිනයේදී චීනය ලකුණු 26ට 14ක් ලෙස ද, තායිපේ පිළ 38ට 15ක් ලෙස ද, පරාජය කළ ශ්‍රී ලංකා පිළ, අද සිංගප්පූරුව පරාජය කළේ ලකුණු 22ට 12ක් ලෙසින්.
ඒ අනුව ශ්‍රී ලංකාව, ප්‍රබල කොරියානු පිළ සමඟ අවසන් පූර්ව තරඟයට සුදුසුකම් ලැබූ අතර, එම තරඟයේදී තියුණු අභියෝගයක් එල්ල කරමින් ලකුණු 22කට 17ක පරාජයක් ලැබුවා.
මේ නිසා ශ්‍රී ලංකා පිළට දැන් තරගාවලියේ තුන්වන ස්ථානය හිමි කර ගැනීමේ අවස්ථාවක් හිමිව තිබෙනවා.
ඒ සඳහා ඔවුන් හොංකොං සහ සිංගප්පූරුව අතර තරඟයේ පරාජිතයන් පරාජය කළ යුතුයි.