Gossips

ඩෙල්ෆ් මුහුදේ මසුන් මැරූ ඉන්දීය ධීවරයින් 27ක් අත්අඩංගුවට

යාපනය – ඩෙල්ෆ් මුහුදු සීමාවේ අනවසරයෙන් මසුන් මරමින් සිටි ඉන්දීය ධීවරයින් 27 දෙනෙකු ඊයේ රාත්‍රියේ නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
දකුණු ඉන්දියාවේ රාමේෂ්වරන් සිට ධීවර බෝට්ටු 4කින් මෙම ධීවරයින් පැමිණ ඇති බවයි යාපනය ධීවර පරීක්ෂක කාර්යාලය සඳහන් කළේ.
අත්අඩංගුවට පත් ධීවරයින් අද යාපනය – කයිට්ස් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.