ගුවන් සේවයක කාර්මිකයෙකු ඇමරිකාවේ සියැටල් ගුවන් තොටුපළේ නවතා තිබූ ගුවන් යානයක් අනවසරයෙන් ගුවන් ගත කිරීම හේතුවෙන් එහි ගමන් ගමන් තාවකාලිකව අත්හිටුවනු ලැබුවා.
මගී ගුවන් සේවයකට අයත් එම ගුවන් යානයේ කිසිවෙකු නොමැති අවස්ථාවක මෙලෙස ගුවන් ගත කර ඇති අතර, පසුව එය මුහුදට කඩා වැටුණු බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
මෙය ත්රස්ත ක්රියාවක් නොවන අතර, යානය පැහැරගෙන ඇත්තේ 29 හැවිරිදි ඇමරිකානුවෙකු විසින් බව ද පසුව අනාවරණ වුණා.
කෙසේ නමුත් යානය අනතුරට ලක්වීමෙන් පසු ඔහු ජීවතුන් අතර සිටින්නේ ද යන්න මෙතෙක් ප්රකාශ වී නැහැ.