Gossips

ග්ලයිෆොසෙට් නිසා පිළිකා වැළදුණු බවට ඇමරිකානු අධිකරණයකින් තීන්දුවක්

ග්ලයිෆොසෙට් අඩංගු පළිබෝධ නාශක භාවිතය නිසා තමාට පිළිකා රෝගය වැළදුණු බවට ඇමරිකානුවෙකු සිදුකළ අභියෝගය කැලිෆෝනියා අධිකරණය මගින් පිළිගෙන තිබෙනවා.
ඒ අනුව ඔහුට ඩොලර් මිලියන 289ක වන්දියක් ගෙවන ලෙස ග්ලයිෆොසෙට් නිෂ්පාදනය කරන මොනසාටෝ සමාගමට එම අධිකරණය මගින් ඊයේ (10) නියෝග කළා.
මෙය ග්ලයිෆොසෙට් පිළිකා රෝගයට සම්බන්ධ බවට අධිකරණයේදී අභියෝගයට ලක්වූ ප්‍රථම නඩු විභාගයයි.
එමෙන්ම මෙලෙස ග්ලයිෆොසෙට් නිසා මාරාන්තික රෝග වැළදුණු බවට ඇමරිකාව පුරා අධිකරණවල ගොනු කර ඇති 5000ක් පමණ නඩුවල තීන්දු සඳහා පූර්වාදර්ශකයක් විය හැකි බව සඳහන්.