Gossips

වව්නියාවේදී මත්පෙති 70,000ක් සමඟ යුවළක් අත්අඩංගුවට

වව්නියාව – සෙට්ටිකුලම් – නේරියකුලම් ප්‍රදේශයේදී ට්‍රැමඩෝල් වර්ගයේ මත්පෙති 70,000ක් සමඟ යුවළක් අද (11) අලුයම අත්අඩංගුවට ගෙන තිබෙනවා.
යාපනය කොට්ඨාශ දූෂණ මර්ධන අංශයේ නිලධාරීන් විසින් මෙම යුවළ අත්අඩංගුවට ගෙන ඇත්තේ මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදියි.
24 හැවිරිදි සැකකරු සහ 18 හැවිදිරි සැකකාරිය මාතලේ සහ කැළණිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් අද (11) වව්නියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.