Gossips

යකඩ මංජු හෙරොයින් සහ ජීව උණ්ඩ සමඟ STF අත්අඩංගුවට

හෙරොයින් සහ ජීව උණ්ඩ සමඟින් පුද්ගලයෙක් පෑලියගොඩ ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මංජුල චමින්ද ඇල්වල නොහොත් යකඩ මංජු ලෙස හඳුන්වන මෙම පුද්ගලයා අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ සමීපතමයෙක් බව පැවසෙනවා.
පාතාල කල්ලි සාමාජිකයෙකු ලෙස සැලකෙන මංජුල චමින්ද ඇල්වල නොහොත් යකඩ මංජු පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන ඇත්තේ පෑලියගොඩ ප්‍රදේශයේ සිදුකල සෝදිසි මෙහෙයුමක් අතරතුරදී.
එහිදී සැකකරු සතුව තිබූ හෙරොයින් ග්‍රෑම් 5 යි මිලිග්‍රෑම් 840 ක්, මිලිමීටර් 9 වර්ගයේ ජීව උණ්ඩ 5 ක්, විදේශ ගමන් බලපත්‍ර 5 ක්ල රියදුරු ගමන් බලපත්‍ර 2 ක් සහ ජාතික හැඳුනුම්පත් 37 ක් පොලිසිය භාරයට ගෙන තිබෙනවා.
මනුෂ්‍ය ඝාතන සිද්ධීන් කිහිපයකට චෝදනා එල්ල වී සිටින පෑලියගොඩ මල්වත්ත ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි මෙම සැකකරු අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ සමීපතමයෙක් බව පොලිස් විශේෂ කාර්ය බලකායේ ඉහළ නිලධාරියෙකු තහවුරු කළා.
මේ අතර මිණුවන්ගොඩ, දෙවලපොළ ප්‍රදේශයේදී මේ මස පළමුවැනිදා අරුණකාන්ත අත්තනායක නැමති සැකකරුවෙක්ද මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගැනුණු අතර ඔහුද අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ සමීපතමයෙක් ලෙස කටයුතු කළ අයෙක්.
මෙම අත්අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් අමාත්‍යවරයා අද පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කළා.