Gossips

හිරු දිනාදුන් අභිමානය

හිරු දිනන ළමයි ඔස්සේ පසුගිය ජුනි 30 වැනිදා මෙලෙස අනාවරණ කෙරුණේ ලෝක ශූරතා යොවුන් මුයි තායි තරගාවලියට සුදුසුකම් ලැබූ හඟුරන්කෙත පල්ලෙබෝවල විද්‍යාලයේ දරුවන් 6 දෙනෙක් මුහුණ දී සිටින ආර්ථික අපහසුතා පිළිබඳවයි.
මේ පුවත දුටු පරිත්‍යාගශීලී ශ්‍රී ලාංකිකයන් බොහෝ දෙනෙක් ඔවුන්ට සහාය වන්නට ඉදිරිපත් වුණා.
ඒ සියලු උපකාර සමගින් තායිලන්තය බලා පියාසර කිරීමේ වරම් ලද මේ දරුවන් තරගාවලිය අවසන් කළේ ලක් මාතාවට නොමද ගෞරවයක් තිලිණ කරමින්.