Politics Sri Lanka

ජයගත් අපේක්ෂිකාවන්ට එරෙහි ප‍්‍රචණ්ඩත්වයන් දිවයින පුරා

ජයගත් අපේක්ෂිකාවන්ට එරෙහි ප‍්‍රචණ්ඩත්වයන් දිවයින පුරා

මැතිවරණයට ඉදිරිපත් වී ජයගත් කාන්තාවන්ට එරෙහිව විවිධ ප‍්‍රචණ්ඩත්වයන් මතු වෙමින් පවතින අතර දිවයින පුරා නොයෙක් ප‍්‍රදේශවලින් වාර්තා වන බව මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා නිරික්ෂණ මධ්‍යස්ථානය කියයි.

මේ පිළිබඳව ඒ ඒ පක්ෂවල ලේකම්වරුන් සහ පොලිසිය දැනුවත් කළ බව එම මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක මංජුල ගජනායක මහතා ලංකාදීපයට පැවැසීය.

පොලිසිය මේ පිළිබඳව අවධානයෙන් පසුවන බවත් 15 වැනිදා දක්වා විශේෂ ආරක්ෂාව සපයන බවට පොලිසිය දැනුම් දුන් බවත් හෙතෙම සඳහන් කළේය.

මැතිවරණය අවසන් වූ (10) වැනිදා පස්වරු හතරෙන් පසු ගෙවී ගිය කාලයේ මැතිවරණයට අදාලව ප‍්‍රචණ්ඩ ක‍්‍රියා පිලිබඳ පැමිණිලි 26 ක් ලැබී ඇතැයි කී ගජනායක මහතා පෙළපාලි, පහර දීම් මෙන්ම රතිඤ්ඤා පත්තු කර නිවාස තුලට විසි කිරීමේ සිද්ධින් පිළිබඳ පැමිණිලි ද ඒ අතර ඇතැයි ප‍්‍රකාශ කළේය.