Gossips

සිංගප්පූරු ගිවිසුමේ බදු සහන ගැන අදත් ප්‍රශ්න

සිංගප්පූරු වෙළඳ ගිවිසුමේ බදු සහන සම්බන්ධයෙන් අදත් පාර්ලිමේන්තුවේ සංවාදාත්මක තත්ත්වයක් ඇති වුණා.
ඒ, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන ඒ පිළිබදව ප්‍රශ්න කිරීමත් සමඟයි.
මේ අතර, පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව වත්මන් විපක්ෂ නායක ධුරයෙහි කිසිදු වෙනසක් සිදුකිරීමට තමන්ට හැකියාවක් නොමැති බව කථානායක කරු ජයසූරිය අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.
එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම අදහස් දැක්වීමත් සමඟ ඇති වූයේ ද සංවාදාත්මක තත්ත්වයක්.