Gossips

ඇමරිකාව අභ්‍යවකාශ බලඇණියේ සැලසුම් හෙළි කරයි

ඇමරිකාවේ 06 වන හමුදා ඛණ්ඩය ලෙස අභ්‍යාවකාශ හමුදාවක් සකස් කිරීමේ සැලසුම එරට උප ජනාධිපති මයික් පෙන්ස් ඊයේ අනාවරණ කළා.
එහිදී ඔහු කියා සිටියේ ඇමරිකාවේ මීලඟ මෙහෙයුම අභ්‍යාවකාශයේ සිදුකිරීමට කාලය එළැඹ ඇති බවයි.
චීනය සහ රුසියාව අභ්‍යාවකාශයේ සිදුකරන මෙහෙයුම් පිළිබඳව අවධානය යොමුකරමින් සකස් කෙරෙන මෙම අභ්‍යාවකාශ හමුදාව 2020 වසරේදී නිර්මාණය කිරීමටයි ට්‍රම්ප් පරිපාලනය සැලසුම් කර ඇත්තේ.
දැනට ඇමරිකාව සතුව යුද, නාවික, ගුවන්, වෙරළාරක්ෂක සහ මැරීන් යන හමුදා ඛණ්ඩ පවතිනවා.